වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වර්ජනය අවසන්

ගාලුමුවදොර සාමකාමී අරගලයට පහරදීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති මධ්‍යස්ථානය ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
එම වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන සියළු වෘත්තීය සමිති නායකයින් කොළඹ දී අද මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ සිය අරගලයේ එක් පියවරක් වූ පැවති ආණ්ඩුව බලයෙන් පහ කිරීම සාර්ථක වූ බවත් මහජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා කටයුතු වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන බවයි.
ඒ අනුව ඇඳිරි නීතිය ඉවත් කරන මොහොතේ සිට වරාය, සෞඛ්‍ය, ගුරු – විදුහල්පති, තැපැල්, බැංකු ඇතුළු සියළු ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතුවල නිරත වන බව ද ඔවුන් ප්‍රකාශ කළා.

