සජිත් අගමැති වෙනවනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙනවා

සජිත් අගමැති වෙනවනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙනවා

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යධූරය භාරගෙන ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එයට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජ‍යසේකර මහතා පැවසීය.

ජනාධිපතිවරයා ඉවත්වන තුරු අගමැතිධූරය භාර නොගන්නා බව කියමින් නොසිට කඩිනමින් එම වගකීම භාරගෙන රට ස්ථාවර කිරීමට පියවර ගන්නැයි සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටින බව ද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ද ඉවත් වුවහොත් රට අරාජික වනු ඇතැයි ද හෙතෙම පැවසීය.

ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේදී අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

COMMENTS