සමාජ මාධ්‍ය හරහා ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන්නන් පොලීසිය සොයයි

ප්රචණ්ඩ සිදුවීම් සඳහා පුද්ගලයන් කැඳවන ලද වට්සැප් සමූහයන් 59ක ඇඩ්මින්වරුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබේ.
ඒ අනුව ඔවුන්ට එරෙහිව පරිඝණක අපරාධ පණත සහ අපරාධ නීතිය යටතේ පියවර ගැනීමට නියමිත බව පොලිස්මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
මේ අතර ප්රචණ්ඩ සිදුවීම් සඳහා සම්බන්ධ වන පුද්ගලයන්පිලිබඳව තොරතුරු වෙතොත් 1997, 118 හෝ telligp@police.gov.lk හරහා තොරතුරු ලබා දෙන මෙන් පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියා.

