“සිපෙට්කෝ” ඉන්ධන බෙදා හැරීම අත්හිටුවයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
පවතින ආරක්ෂක තත්ත්වය සහ රට තුළ පනවා ඇති ඇඳිරි නීතිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
සඳුදා ඇති වූ නොසන්සුන්තාවෙන් පසු හෙට (12) පෙරවරු 07 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක වනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ, ශ්‍රී ලංකාව දැනටමත් ඉන්ධන හිඟයකට මුහුණ දී සිටින අවස්ථාවක යි.

