රාජ්‍ය හා පෞද්ගලික අංශ ඇරඹූ වැඩ වර්ජනය අවසන්

රාජ්‍ය හා පෞද්ගලික අංශ ඇරඹූ වැඩ වර්ජනය අවසන්

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් එක්ව ක්‍රියාත්මක අඛණ්ඩ වැඩ වර්ජනය අද උදෑසන 7.00 ට අවසන් කිරීමට තීරණය කර තිබේ.

ක්‍රියාත්මක කර තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නම් කර තිබුණේ මැරයන්ට දඬුවම් දෙනු ගෝඨාභය ගෙදර යනු ලෙසයි.

සෞඛ්‍ය, වරාය, විදුලිය ආදි ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති සාමාජිකයින් වැඩ වර්ජනයට එක්ව සිටි බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසී ය.

මේ අතර ශ්‍රී ලංකා පරිපාලන නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ද අවසන් කර තිබේ.

ඒ අත්‍යවශය සේවා පවත්වාගෙන යෑම වෙනුවෙන් සහ මහජනතාවට සිදුවන බාධාවන් අවම කිරීම වෙනුවෙනි.

COMMENTS