ගෑස් ඉල්ලා ජනතාව පාරට එයි

කොළඹ-මීගමුව ප්රධාන මාර්ගයේ මහබාගේ මංසන්ධිය ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබේ.
එම ප්රදේශවල ජනතාව ගෑස් ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් මෙලෙස එම මාර්ග අවහිර වී ඇත.
ඒ හේතුවෙන් කොළඹ සිට මීගමුව දෙසට රථ වාහන ගමනාගමනය සඳහා බාධා එල්ල වී ඇති බව පොලීසිය පවසනවා.
එම මාර්ගවල ගමන් කරන රථ වාහන වලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

