සුපිරි ක්‍රිකට් තරුවට රූපවාහිනී වැඩසටහනක දී ආපු අපූරු යෝජනාව

පකිස්ථාන ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් සජීව රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී අපූරු අත්දැකීමකට මුහුණදී ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කර තිබිණි.
පාකිස්ථාන රූපවාහිනී නාලිකාවක පැවති සජීව වැඩසටහනක් අතරතුර එයට සහභාගිවී සිටි තරුණියක් ඉමාම් උල් හක්ට විවාහ යෝජනාවක් ඉදිරිපත් කර තිබීම අදාළ සිදුවීමයි.
එහිදී, “ඉමාම්, ඔබ මා විවාහ කරගන්නවා ද?” යනුවෙන් අදාළ තරුණිය ඉමාම්ගෙන් විමසූ අවස්ථාවේදී ඔහු විස්මයට පත්වෙමින් සිනහ මුසුව පිළිතුරු ලබා දුන් අයුරු අදාළ වීඩියෝවේ දැක්වේ.
කෙසේ වෙතත් එයට පිළිතුරු සපයමින් ඉමාම් පවසා තිබුණේ “කුමක් පවසන්න ද? පළමුව ඔබ මගේ මවගෙන් මේ ගැන විමසන්න” යනුවෙන් සිනහමුසුව පවසා තිබේ.
එයට නැවත වරක් ප්‍රතිචාර දක්වමින් අදාළ තරුණිය පවසා තිබුණේ “මා ඒ වෙනුවෙන් ඕනෑ ම දෙයක් කරන්නම්. කරුණාකර බැහැ කියන්න එපා…” යනුවෙනි.
මේ අතර, මෙම රූපවාහිනී වැඩසටහන අවසානයේදී තම විවාහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉමාම් වැඩිදුරටත් පවසා තිබුණේ මෙවැන්නකි.
“මේ අවස්ථාවේදී විවාහය සම්බන්ධයෙන් කිසිදු පූර්ව සැලසුමක් මට නැහැ. බොහෝ විට ඉදිරි වසරක හෝ දෙකක කාලය තුළ මා විවාහ දිවියට ඇතුළත් වන බව ඔබට දැකගත හැකිවේවි. එමෙන් ම පාකිස්ථාන නායක බාබර් අසාම් විවාහ දිවියට ඇතුළත් වීමෙන් අනතුරුව මා විවාහයක් ගැන සිතා බලනවා…” යනුවෙන් පවසා තිබෙනවා.

