ඇඳිරිනීති කාලය තුල ඔසුසැල් විවෘත කිරීමට අවසර

ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලසීමාව තුල රජයේ හා පෞද්ගලික ඔසුසැල් මෙන්ම පෞද්ගලික සාත්තු නිවාස විවෘතව තැබීමට අවසර ලබාදී තිබෙනවා.
අතශවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කළේ ඇඳිරිනීතිය තත්ත්වය තුල රෝගී ජනතාවට හදිසි ප්‍රතිකාර සහ ඖෂධ ලබා ගැනීම අපහසුතාවකින් තොරව ඉටුකර ගැනීමට හැකිවන ආකාරයෙන් මෙම පියවර ගන්නා බවයි.
ඒ අනුව පස්වරු 7 දක්වා පෞද්ගලික සාත්තු නිවාස ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට උපදෙස් ලබාදී තිබෙනවා.


