රනිල්ගේ කැබිනට්ටුවේ ඇමති ධූර 20යි

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිහිටුවන රජයේ කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 20ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.
එම අමාත්‍ය ධූර 20 අතර ජනපති සහ අගමැති ද භාර ගන්නා අමාත්‍ය ධූර ද ඇතුළත් වනු ඇත.
නව අමාත්‍ය මණ්ඩලය එළඹෙන සතියට පෙර දිවුරුම් දෙනු ඇති බව ද වාර්තා වේ

