ගෑස් නැවට ගෙවන්න ඩොලර් නෑ

ගෑස් නැවට ගෙවන්න ඩොලර් නෑ

ලිට්‍රෝ සමාගම ආනයන කළ ගෑස් මෙට්‍රික්ටොන් 3,500 ක් සහිත නෞකාවක් මීට දින කීපයකට පෙර ශ්‍රී ලංකාවට ළගාවී තිබුණ ද එම ගෑස් තොගය නිදහස් කරගැනීමට ඩොලර් නොමැතිවීමෙන් එම සමාගම දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වෙනවා.

එම නෞකාව නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් මේ දක්වා එම සාකච්ඡා සාර්ථ වී නොමැති බව උසස් නිලධාරියෙක් පවසා සිටියා.