මහින්දානන්දගේ කාර්යාලයට පහර දුන් 4කට ඇප

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමට අයත් නාවලපිටිය නගර පිහිට පදනම් කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයන් සිව්දෙනකු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරීමට නාවලපිටිය දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් නිලන්ත විමලවිර මහතා අද නියෝග කළේය.
අයුතු ජනරාශ්‍රිය, අනර්ථය, සොරකම් කිරිම යන චෝදනා යටතේ සැකකරුවන්ට අධිකරණයට ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් වෙනුවෙන් නිතිඥවරුන් දෙදෙනකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වි සැකකරුවන්ට ඇප ලබා දි ඇත.
සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නාවලපිටිය පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇත.

