අධික වැසි හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ ජලයෙන් යටවීම නිසා ප්‍රදේශ කිහිපයක ජනතාව මේ වනවිට (15) දැඩි අපහසුතාවකට ලක්ව සිටිනවා.
ඒ අනුව රත්නපුර – ඇලපාත, කලවාන – මතුගම, කළුතර – අඟලවත්ත සහ බුලත්සිංහල – පරගොඩ මාර්ගවල මෙන්ම පානදුරේ ද ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, ජලයෙන් පහත්බිම් යටවීමේ හේතුවෙන් ගමනාගමනයේ දී ජල පහර සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ක්‍රියා කරන ලෙසයි.

