උච්චමුනෙයි දූපත විකුණුවා කියපු කතාවේ ඇත්ත

උච්චමුනෙයි දූපත විකුණුවා කියපු කතාවේ ඇත්ත

කල්පිටිය, උච්චමුනෙයි දූපත විදෙස් රටකට විකුණා ඇති බවට පසුගිය දිනක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) කරුණු පැහැදිලි කරයි.

මෙම දූපත විකුණා නොමැති අතර, අවශ්‍ය සෘජු විදේශ ආයෝජන (FDIS) ගෙන ඒමේ උත්සාහයක් ලෙස විදේශීය ආයෝජකයෙකුට වසර 30 ක කාලයක් සඳහා බදු ගිවිසුමක් අත්සන් කර තිබෙන බව ඔවුන් පවසයි.

අදාල සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.