ශ්‍රී ලංකාවට UN ධම්ම පදයේ ගාථාවක් මතක් කරදෙයි

ශ්‍රී ලංකාවට UN  ධම්ම පදයේ ගාථාවක් මතක් කරදෙයි

වෙසක් දිනය සමරන සැමට, එක්සත්ජාතීන්ගේ මහ ලේකම්වරයා සහ ශ්‍රී ලකා කණ්ඩායම වෙනුවෙන් සුබ පැතුම් එක්කරන මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බාධිකාරිකවරිය, වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත්, අවෛරයෙන්ම වෛරය සන්සිඳෙන බවත් සිහිපත් කරයි.

ශ්‍රී ලංකාව මෙන්ම, මුළු ලොවම අර්බුද රැසකට මුහුණදෙන මෙම සමයේ, ධම්මපදයේ මෙම ගථාව ඔබට මගපෙන්වනු ඇති බව තමා විශ්වාස කරන්නේයැයි එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බාධිකාරික හැනා සින්ගර් මහත්මිය පවසයි.

කීර්තිමත් ශ්‍රී ලාංකිකයෙකු වන හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ යෝජනාවකට අනුව 1999 දී එක්සත්ජාතීන්ගේ මහා මණ්ඩලයේදී වෙසක් උත්සවය ලොවපුරා සැමරීමේ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

දයානුකම්පාවෙන්, එකිනෙකා කෙරෙහිගෞරවයෙන් සහ අවබෝධයෙන්, එක්සත්ජාතීන්ගේ සංවිධානය සහ ලෝකය ශ්‍රී ලකාව සමග සිටින බවත්, ශ්‍රී ලංකාවේ ඔරොත්තුදීමේ හැකියාව අගය කරමින්, වත්මන් අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාව යන ගමනේදී අනාගතය පිළිබඳ බලාපොරොත්තු සහගතවන බවත් ඇය සඳහන් කරයි.

සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව වන්නේ, සියලු පව් නොකිරීමත්, කුසල් දහම් දියුණු කර ගැනීමත්, සිත පිරිසිදු කිරීමත් බව සිහිපත් කරන එක්සත්ජාතීන්ගේ නේවාසික සම්බාධිකාරිකවරිය, වත්මන් අභියෝග ජයගත හැකිවන්නේද දයාවෙන් සහ යහපත් චේතනාවෙන් පමණක් බව ශ්‍රී ලංකා වාසීන්ට වැඩිදුරටත් සිහිපත් කර සිටියි.

https://bit.ly/3NeBrLH