ස්වාධීන වූ පක්ෂ 10ත් රනිල්ට සහය දෙයි

රටේ ආර්ථික සුබ සිද්ධිය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලබන සාධනීය පියවර සම්බන්ධයෙන් සහාය ලබාදීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 10 තීරණය කර තිබේ.
ඇමති ධූර භාර නොගෙන ජනතා ගැටලු විසඳීමට සහය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
එතුමා මේ බව සඳහන් කලේ පක්ෂ 10 හා අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවකින් අනතුරුවයි.

