දැඩි සත්කාර ඒකක දැඩි අවදානමක

දැඩි සත්කාර ඒකක දැඩි අවදානමක

සැපයුම් නොමැතිවීම හමුවේ රෝහල්වල දැඩි සත්කාර සහ අධිසත්කාර ඒකක දැඩි අවදානමකට ලක්ව ඇති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අනතුරු අඟවනවා.

එහි කැඳවුම්කරු රවී කුමුදේශ් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අත්‍යවශ්‍ය ඖෂධ 640න් 200 ක් සහ අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය රැසක් මේ වන විට රෝහල් තුළ නොමැති තත්ත්වයක් හටගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.