ප්‍රචණ්ඩත්වය පැතිරවීමට අනුබල දුන්නැයි රූපවාහිනී නිවේදිකාවක් ඇතුළු 3ක් අල්ලයි

ප්‍රචණ්ඩත්වය පැතිරවීමට අනුබල දුන්නැයි රූපවාහිනී නිවේදිකාවක් ඇතුළු 3ක් අල්ලයි

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රූපවාහිනී නිවේදිකාවක ඇතුළු තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මැයි 9 වන දා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන, විශේෂ විමර්ශන ඒකක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ය.

අත්අඩංගුවට ගෙන ඇති රූපවාහිනී නිවේදිකාව 39 හැවිරිදි වියේ පසුවන කොළඹ 5, නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

අනෙක් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු 21 හැවිරිදි වියේ පසුවන ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සෙසු සැකකරු දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසීය.

පොලිසිය සඳහන් කළේ, සැකකරුවන්ට සහ සැකකාරිනියට එරෙහිව පරිගණක අපරාධ පනතේ සටහන් වැරදි යටතේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බව ය.