මිරිහානේදී බස් රථයට ගිනි තැබූ සැකකරුවෙක් මාට්ටු

මිරිහාන ප්‍රදේශයේ පසුගිය දා පැවති විරෝධතාව අතරතුර බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ය.
සැකකරු 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

