ඩීසල් බාන්න දෙන්නෑ , පෙට්‍රල් දෙනකම් – වැලිගම අයි.ඕ.සී ඉන්ධන පිරහුම් හල රත්වෙයි

ඩීසල් බාන්න දෙන්නෑ , පෙට්‍රල් දෙනකම් – වැලිගම අයි.ඕ.සී ඉන්ධන පිරහුම් හල රත්වෙයි

වැලිගම නගරයේ අයි.ඕ.සී ඉන්ධන පිරහුම් හල වෙත ආ ඩීසල් රැගත් බවුසරයක් අද (21) පෙරවරුවේ දී ගොඩබෑමට ඉඩ ලබානොදීම හේතුවෙන් එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඒ පෙට්‍රල් ලබා ගැනීමට පෝලිමේ රැඳී සිටි ත්‍රීරෝද සහ යතුරුපැදි රියදුරන්ගේ විරෝධතා හමුවේ.

තමන්ට පෙට්‍රල් ලැබෙන තුරු ඩීසල් ගොඩබෑමට කිසිදු ඉඩක් ලබානොදෙන බවයි විරෝධතාකරුවන්
කියා සිටියේ.

විරෝධතාකරුවන් මාර්ගය හරස් කරමින් ඩීසල් ගොඩබෑමට බවුසරයට ඉඩ නොදුන් නිසා වැලිගම
පොලීසිය මැදිහත් ව බවුසරය ආරක්ෂිතව වෙන් කර තැබීමට පියවර ගත්තා.

කෙසේවෙතත් පොලිසිය මැදිහත් වී විරෝධතාකරුවන්ගේ උද්ඝෝෂණය සමථයකට පත් කරනු ලැබුවේ බලධාරින් සමඟ සාකච්ඡා කර හැකි ඉක්මනින් පෙට්‍රල් ගෙන්වාදීමට පියවර ගන්නා බව පවසමින්.

පසුව විරෝධතාකරුවන් ඩීසල් බවුසරයට ගොඩබෑමට අවසර දී තිබෙනවා.