ඉන්ධන තොග රැස්කර වැඩි මිලට අලෙවි කරන්නන් සොයා දිවයින පුරා මෙහෙයුම්

ඉන්ධන තොග රැස්කර වැඩි මිලට අලෙවි කරන්නන් සොයා දිවයින පුරා විශේෂ වැටලීමක් අද (22) දිනයේ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.
මේ අතර ඉන්දියානු ණය ආධාර යටතේ ලබා දුන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් මෙරටට ළඟාවී තිබෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.

