රටේ පවතින පීඩාකාරී අර්බුදය හමුවේ වටිනා ජීවිතයක් ජනතාවගෙන් ජීවිතය ඉල්ලයි

රට තුල අදවන විට ඇතිවී තිබෙන විදුලිය, ඉන්ධන, ගෑස් සහ ඖෂධ හිඟය හෙතුවෙන් ජන ජීවිතයේ දැඩි කඩාවැටීමක් සිදුව තිබෙනවා..
ජනතාවට අද තම ජීවිකාව රැකගන්නට නොහැකි තත්ත්වයක් ඇතිවෙලා.
මහමග පෝලිම් වල කුසගින්නේ හිදිමින් රැය පහන් කරන්නට ජනතාවට අද සිදුවෙලා.
මේ සඳහා වගකිවයුත්තන්ගේ ජීවිත නම් තවමත් සුඛෝපභෝගී ලෙස ගතකරනවා..
රට ගැන ජනතාව ගැන නොහිතන දූෂිත පාලකයින්ගේ අදුරදර්ශී පාලන ක්‍රියා හේතුවෙන් අද අපේ රට ලෝකයේම දිළිඳු රටක් බවට පත්වෙලා.
රටේ මිනිසුන් එලෙස දුක්විදිද් දී සමාජ මාධ්‍ය මගින් හමු වූ වටිනා ජීවිතයක් ඔබෙන් ජීවිතය ඉල්ලන කතාවක් මේ..
උපුටාගැනීම,
2018 දී හදිසි අනතුරකට පත් වෙච්ච ක්‍රිකට් ක්‍රීඩක “ආක්ෂු ප්‍රනාන්දු” ව ඔයාලට මතක ඇති කියලා හිතනවා.ඔහු තාම ඉන්නේ Life Support එකකින්.ඒ කියන්නේ ඔහු ජීවත් වෙන්නේ ගෙදර තියෙන ICU ඇඳක,
පෙනහළුවලට වතුර යවන එක වලක්වන Sucker Machine එකක් සහ තුවාල හැදෙන එක වලක්වන Air Mattress එකක් කියන දේවල්වලින්. මේ තුනටම විදුලිය අවශ්‍යයි.
මේ ටිකේ වෙන විදුලි කප්පාදුව නිසාම ආක්ෂුගේ ජීවිතයට ඒ නිසා වෙන අවදානම අවම කරගන්න පවුලේ අය generator එකක් ගත්තත් තෙල් ප්‍රශ්නේ නිසා දැන් තත්වය සංකීර්ණ වෙලා තියෙන්නේ.
කොච්චර මේ මානුෂීය ප්‍රශ්නේ ගැන කිව්වත් ආක්ෂුගේ පවුලේ අයට කෑන්වලට ශෙඩ්වලින් තෙල් දෙන්නේ නෑලු.එයාගේ අම්මා පොඩි ඉල්ලීමක් කරනවා අහළ පහළ ඉන්න අයගෙන්. පුලුවන් නම් තෙල් කෑන් එකක් දෙකක් ගිහින් දෙන්න. කොල්ලව තව ජීවත් කරවගන්න ඕනේ.
පුළුවන් අය ආක්ෂුගේ අම්මට 0777001190 කතා කරල උදව් වෙන්න.
🙏🏼🙏🏼🙏🏼
ප.ලි. – මම මගේ යාලුවෙක්ගේ මාර්ගයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ විකල්පයක් හොයලා දෙන්න කියලා. සාධනීය පිලිතුරක් ලැබුනොත් හොඳයි.






