තෙවන පාර්ශ්වයන්ගෙන් ඉන්ධන මිලදී ගන්න එපා

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තෙවැනි පාර්ශ්වයන්ගෙන් ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඉන්ධන එකතු කරන පුද්ගලයින් පෙට්‍රෝලියම් නිෂ්පාදන මිශ්‍ර කර වැඩිමිලට අලෙවි කරන බවට විමර්ශනවලදී හෙළි වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
එවැනි ජාවාරම් දිරිමත් නොකරන ලෙසත් ඒ පිළිබඳ වාර්තා කරන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.


