දේශබන්දුව වහාම මාරු කරන්න – නීතිපති පොලිස්පතිට උපදෙස් දෙයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට (23) ප්‍රකාශයක් ලබාගනිමින් සිටිනවා.
ඒ පසුගිය 9 වනදා දිවයින පුරා ඇතිවූ සිද්ධීන්ට අදාළවයි.
මේ සම්බන්ධයෙන් මීට පෙර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිස්පතිවරයාගෙන් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගත්තා.
මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට වහාම ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.
ඔහු එම ධුරයේ තවදුරටත් රැඳී සිටියහොත් 9 වනදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට බාධා ඇතිවිය හැකි බැවින් මෙලෙස ස්ථාන මාරු කරන ලෙසයි ලිපියක් මගින් නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත්තේ.

