බූම් ට්‍රක් රථය පෙරළී අයෙක් මරුට

බූම් ට්‍රක් රථය පෙරළී අයෙක් මරුට

නානුඔය ප්‍රදේශයේදි බූම් ට්‍රක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම බූම් ට්‍රක් රථයේ පසුපස ගමන් ගත් අයෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත්කිරිමෙන් පසු අද (23දා) දින මියගොස් ඇති බව නානුඔය පොලිසිය පැවසීය.

මෙම අනතුරින්ජිවිතක්ෂයට පත්වි ඇත්තේගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි එස්.පණ්ඩුක (44) හැවිරිදි දෙදරු පියෙකි.

අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලිසිය පරික්ෂණ පවත්වයි.