යුපුන්ගෙන් නව ජාතික වාර්තාවක්

මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවක් සහ නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා.
ඒ අනුව ඔහු ඉතාලියේදී මීටර 200 ධාවන ඉසව්ව තත්පර 20.37කින් නිමාකර තිබෙන බවයි සඳහන් වන්නේ.
ඉන්දියාවේ අම්ලන් බෝර්ගෝහයින් පිහිටුවා තිබූ තත්ත්පර 20.52ක දකුණු ආසියානු වාර්තාව ද යුපුන් අබේකෝන් මෙමඟින් බිඳ දමා තිබෙනවා.
මීටර් 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවද යුපුන් අබේකෝන් සතු වන අතර එහිදී ඔහු දක්වා ඇති දක්ෂතාව තත්ත්පර 10.15 ක්.

