ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් අද සිට ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කෙරේ

අද (23) සිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
ඒ මේ වන විට ඉන්ධන තොග රැගත් නෞකා 2ක් වරාය වෙත සේන්දු වී ඇති අතර ඒවායින් ඉන්ධන තොග ගොඩ බෑමේ කටයුතු සිදුවෙමින් පවතින නිසාවෙන්.
එබැවින් ඉදිරි සති 6 තුළට සෑහෙන ප්‍රමාණයක ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් කිරීමට හැකියාවක් ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.
කෙසේ වෙතත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල දී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටින අතර හෙට (24) සිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලබා ගැනීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

