කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම ජූලි මස 25 වන දා තෙක් දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ, එම පැමිණිල්ල අද (මැයි 23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

එම අවස්ථාවේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිට තිබේ.

තම සේවාදායකයාට සිතාසි ලැබී තිබෙන බව ත් ඔහු මීළඟ දින පෙනී සිටින බව ත් එහිදී නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දී ඇත.