භූමිතෙල් මිලට වෙන්න යන දේ

භූමිතෙල් මිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අද (මැයි 24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
සම කැබිනට් ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේ, භුමිතෙල් මිල සංශෝධනය කිරීමේදී හඳුනාගත් පිරිසකට මාසිකව මූල්‍ය ආධාරයක් ලබා දීමට ද බලාපොරොත්තු වන බව ය.
“ධීවර ක්ෂේත්රයේ ඉන්න වතුකරයේ භූමි තෙල් භාවිත කරන ජනතාව ත් අඩු ආදායම්ලාභීන් සඳහා ධීවර, තේ පරීක්ෂක එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම්ගෙන් සමන්විත කණ්ඩායමක් තුළින් ඔවුන්ට රු 87ක මුදලකට ලබා දෙන්නේ නැතුව ඔවුන්ට මාසිකව මූල්‍ය ආධාරයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා මේ මිල සංශෝධනය ත් සමග.”

