ලංකාවට ඩොලර් ගේන වැඩේට හමුදාවෙත් සහය

මාලි රාජ්‍යයේ ක්‍රියාත්මක ‘මිනුස්මා’ සාම සාධක මෙහෙයුමේ රාජකාරී සඳහා නිලධාරීන් 20 දෙනෙකුගෙන් සහ සෙසු නිලයින් 223 දෙනෙකුගෙන් සමන්විත 4 වන සංග්‍රාමික රථ ප්‍රවාහන ඛණ්ඩයේ පලමු කණ්ඩායම ඊයේ (23) දිවයිනෙන් පිටව ගොස් තිබේ.
එම කණ්ඩායම නිලධාරීන් 10 දෙනෙකුගෙන් සහ සෙසු නිලයින් 90 දෙනෙකුගෙන් සමන්විත වේ.
එම අවස්ථාවට සහභාගී වූ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ, තමන් දිනා දුන් දේශය වෙනුවෙන් සේවය කිරීමට කැපවී සිටින රණවිරුවන්ගේ මෙම ප්රයත්නය, මෙරට ඇතිව තිබෙන ආර්ථික පසුගාමී තත්ත්වයට විසඳුම් සොයන මොහොතක, ඒ වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබාදීමක් බවයි.

