වාහන වලට පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේ සීමා වෙනස් කරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේ සීමා යාවත්කාලීන කර තිබේ.
ඒ අනුව, යතුරු පැදි සඳහා රුපියල් 2500ක්, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 3000ක්, මෝටර් රථ සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 10,000ක් ලෙස ත් වෙනස් කර ඇත.
අද (මැයි 24) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසීය.
අද අලුයම සිට ඉහළ දමන ලද ඉන්ධන මිලට සමගාමීව මෙලෙස රථ වාහන සඳහා නිකුත් කෙරෙන ඉන්ධන සීමා සංශෝධනය කර තිබේ.
මේ අතර, ලංකා අයි.ඕ.සී සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

