කඩවත – කොටුව බස් වර්ජනයක්

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් 138 – කඩවත – කොටුව බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අද පෙරවරුවේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් ප්‍රවාහනය කිරීමෙන් පසු මෙම වර්ජනය ආරම්භ කළ බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ.
මේ වන විට තවත් මාර්ග කිහිපයක පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කර ඇති බව ද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි

