නුවර පාරේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්

පිරවුම්හල් අසල පවතින දිගු පෝලිම් හේතුවෙන්, නුවර පාරේ කිරිබත්ගොඩ නගරය අවට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
රට තුළ පවතින දැඩි තෙල් අර්බුදය හේතුවෙනුයි මෙලෙස දිවයින පුරා ඉන්ධන පිරවුම් හල් අසල පෝලිම් ක්‍රමයක් නිර්මාණය වී ඇත්තේ.
ඩොලර් අර්බුදය සමඟ මේ වනවිට රටට ආනයනය සිදු කරන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීමට දැඩි අර්බුදයක් මතුව තිබෙනවා.
ඒ ගැටලුවම ඉන්ධන හිඟවීමට හේතුව වී තිබෙනවා.
මේ අතර අද (24) අලුයම 03 සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා.

