මහින්දව රකින්න මාලේ කථානායක දරන වෑයමක හෙළිදරව්වක්

මහින්දව රකින්න මාලේ කථානායක දරන වෑයමක හෙළිදරව්වක්

මාලදිවයින පාර්ලිමේන්තුවේ කථානායක ජනාධිපති මොහොමඩ් නෂීඩ් මේ වන විට ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අයට ආරක්ෂිත මාර්ගයක් ලබා දෙමින් සිටින බව “මාලදිවයින් ජර්නල්”(The Maldives Journal) වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර සහන කටයුතු සම්බන්ධීකරණය කිරීමට ස්වේච්ඡාවෙන් මොහොමඩ් නෂීඩ් ඉදිරිපත් වී තිබේ. පසුගිය දින කිහිපය තුළ නෂීඩ් ඉහළ පෙළේ දේශපාලන නායකයන් සමඟ සාකච්ඡා කර තිබුණා. එමෙන්ම රාජපක්ෂ පවුලට මාලදිවයිනේ ආරක්ෂිත මාර්ගයක් ලබා දීමට බලපෑම් කරමින් සිටින බව “මාලදිවයින් ජර්නල්” වාර්තා කර සිටියි.

“මාලදිවයින් ජර්නල්” වෙබ් අඩවියේ සඳහන් සම්පුර්ණ වාර්තාව පහත ලින්ක් එකෙන් බලන්න,

https://bit.ly/3PEjTKV