මුදල් ඇමතිකම රනිල්ට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම්දීමට නියමිත බව වාර්තාවනවා.
මීට පෙර අග්‍රාමාත්‍යවරයා කිසිදු අවස්ථාවක මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කර නැහැ.
නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 20 දෙනෙකු මේ වනවිට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී ඇති අතර, ඊයේ පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී නව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි ලබාදීමද සිදු කෙරුණා.

