විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දිනයක් වෙන්කර ගත් අයට පමණයි

එක්දින සහ සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ කළින් දිනයක් සහ වේලාවක් වෙන් කරගත් අයදුම්කරුවන් සඳහා පමණක් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
මේ මස 17 වනදා සිට විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේදී කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.
කෙසේ වෙතත් සේවාලාභීන් බොහෝ පිරිසක් කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමකින් තොරව සේවා ලබාගැනීම සඳහා පැමිණෙන බව නිරීක්ෂණය වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මින් ඉදිරියට එලෙස වේලාවක් වෙන් කරගත් අයදුම්කරුවන්ට පමණක් සේවා සැපයීම සිදුකරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ඒ අනුව දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මගින් හෝ 070 710 10 60 යන දුරකථන අංකය ඇමතීම මගින් දිනයක් සහ වේලාවක් වෙන් කරගත හැකිවනවා.

