ඉන්ධන පිරවුම්හල් 40ක් වැසෙයි

කලහකාරී සිදුවීම් හේතුවෙන් දිවයිනේ ඉන්ධන පිරවුම්හල් 40කට වැඩි ප්‍රමාණයක් වසා දමා තිබෙනවා.
ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සදහන් කළේ මේ වන විටත් ඔවුන් ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බවයි.
මේ අතර, වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමට සූදානම් වූ අයෙකු හාලිඇල – උඩුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු රුපියල් 68,000ක පමණ වටිනාකමකින් යුත් පෙට්‍රල් ලීටර් 140ක් බූලිවලට දමා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදියි ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

