ගොවීන්ට රස්තියාදු නොවී ඉන්ධන ගන්න වැඩපිළිවෙළක්

ගොවීන්ට රස්තියාදු නොවී ඉන්ධන ගන්න වැඩපිළිවෙළක්

යල කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය ඉන්ධන කඩිනමින් ගොවීන්ට ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තෝරාගත් ඉන්ධන හල් 217කින් ගොවීන්ට ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.

මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසු යල කන්නයේ වගාව සඳහා අවශ්‍ය අතිරේක ඉන්ධන පවා ලබාදීමට එකඟ වු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාල ඉන්ධන හල් ලේඛනය කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත ලබාදීමෙන් පසුව එම ඉන්ධනහල් මඟින් ගොවීන්ට සී සෑම සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීමට තීරණය කර තිබෙි.