දේශබන්දු ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නැයි අධිකරණය ඉදිරිපිට විරෝධයක්

දේශබන්දු ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නැයි අධිකරණය ඉදිරිපිට විරෝධයක්

පසුගිය 09 වෙනිදා ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහරදීමට පැමිණි මැරයින් වැලැක්වීමට කටයුතු නොකළ සහ එම මැරයින් සමඟ සමීපව කටයුතු කළ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලිමන් එම අරගලයේ නිරත තරුණ තරුණයින් මේ වනවිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිතරව සිටිති.

පසුගිය 09 වෙනිදා එල්ල කළ මිලේච්ච ප්‍රහාරයට ලක්වූ වින්දිතයන් විසින් සැකකරුවන්ව හඳුනාගැනීමේ පෙරට්ටුව අද (25) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වේ.

ඒ සඳහා සියලු සැකකරුවන් ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS