පොලිස්පතිගෙන් දැඩි අවවාද

ත්රස්තවාදය වැළැක්වීමේ පනත යොදවා ගනිමින් ඇතැම් පොලිස් නිලධාරීන් විසින් සිදුකරනු ලබන අනීතික ක්රියා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැඩි නියෝග පනවා තිබේ.
පසුගිය 23 වෙනි දින සියලුම පොලිස් නිලධාරීන් හරහා එම නියෝග නිකුත් කර ඇති අතර ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගත හැකි කොන්දේසි පිළිබඳව අවධාරණය කර තිබේ.
දේශපාලන ගැති පොලිස් ස්ථානාධිපතිවරුන් සහ නිලධාරීන් විසින් පසුගිය කාලයේ පක්ෂග්රාහීව ක්රියා කිරීමෙන් පොලිසියට දැඩි විවේචන එල්ලවී තිබිණි. මෙම තත්ත්වය හමුවේ පොලිස්පතිවරයා අදාළ නියෝග නිකුත් කර ඇත.

