රජයේ කාර්යාලවලට සීමිත පිරිසක් ගෙන්වන්න – චක්‍ර ලේඛයත් එළියට

රාජයේසේවකයන් සීමිත ප්‍රමාණයක් කාර්යාල වෙත කැඳවීමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.
පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරමින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
ඒ අනුව එමගින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත්ප්රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්රධානීන්වෙත ප්‍රධාන කරුණු 04ක් යටතේ කාර්ය මණ්ඩලය කැඳවීම සීමා කිරීමට උපදෙස්දී තිබේ.


