කොළඹත් උණුසුම් – බෙලි අත්තත් උණුසුම්

කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ආසන්නයේ අද දහවල් උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ හේතුවෙන් අවට මාර්ග කිහිපයක වාහන ගමනාගමනයට බාධා එල්ල වූ බවයි වාර්තා වෙන්නේ.
අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිසක් එම ස්ථානයේ සිට අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත අද දහවල් පාගමනක් ආරම්භ කළා.
ඔවුන් පාගමනින් අග්‍රාමාත්‍ය කාර්යාලය ආසන්නයට පැමිණිමත් සමග අවට පාසල් කිහිපයක සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින් පොලීසිය එය වැළැක්වීමට තැත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී යම් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණේ.
මේ අතර ගෝල් ෆේස් සටනට පහර දුන් මහින්ද ඇතුළු මැරයන් වහාම අත් අඩංගුවට ගනු, තේමාව මුල් කර ගනිමින් මේ මොහොතේ බෙලි අත්ත නගරය දක්වා ආණ්ඩු විරෝධී පා ගමනක් ආරම්භ කර තිබෙනවා.
මේ අවස්ථාවාදී එම විරෝධී පා ගමනත් උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

