අගමැති නිවස අසල විරෝධතා පැවැත්වීම ගැන අධිකරණයෙන් නියෝගයක්

සාමකාමීව පවත්වන විරෝධතා ව්‍යාපාර වැළැක්වීම සඳහා අධිකරණය නියෝග නිකුත් නොකරන බව සඳහන් කරමින් අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ මහ ජනතාවට පීඩාවක් ඇති වන ආකාරයේ උද්ඝෝෂණ සිදු කිරීම වැළැක්වීමට පොලිසිය වෙත බලතල ලබා දී ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (මැයි 26) කුරුඳුවත්ත පොලිසිය වෙත දන්වා ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස පිහිටි කුරුඳුවත්ත පොලිස් වසමේ 5 වන පටුමග, කේම්බ්‍රිජ් පෙදෙස සහ ඒ අවට මාර්ග හා පාසල් අවහිර වන පරිදි මහජන පීඩා සිදුවන ආකාරයේ විරෝධතා පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසට කුරුඳුවත්ත පොලිසිය සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස පැවසීය.

