පසු ගිය දා ඇති වූ කලහාකාරී සිද්ධිවලදී ත්රිවිධ හමුදාවෙන් අතපසුවීමක් වූවාදැයි සොයන්න කමිටුවක්

මිරිහාන ජනාධිපති පෞද්ගලික නිවස ආසන්නේදී සහ අරලියගහ මන්දිරය, ගාලුමුවදොර යන ප්රදේශවල ඇතිවූ කලහාකාරී සිද්ධීන් මැඩපැවැත්වීම සඳහා ත්රිවිධ හමුදාව ගත් ක්රියාමාර්ග වල යම් අතපසුවමක් සිදුවී ඇති ද යන්න සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ප්රධානීන් ගෙන් සමන්විත ත්රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ , හිටපුගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන හිටපු යුද හමුදාපති ජෙනරාල් රත්නායක යන මහත්වරුන් මෙම ත්රිපුද්ගල කමිටුවට පත් කර ඇති බවද වාර්තා වේ.

