හෙටත් ගෑස් නෑ

ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම භෙට (27දා) සිදුනොකරන බව ලිට්රෝ ගෑස් සමාගම අද (26දා) පැවසීය. එම නිසා හෙට දිනයේත් ගෑස් පෝලිම් වල රැඳී නොසිටින ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලයි.
ලිට්රෝ සමාගම සතු ගෑස් තොග අවසන්වීම නිසා ගෘහස්ථ ගෑස් නිකුත්කිරීම පසුගිය 23දා වැනිදා අත්හිටුවීමත් සමඟ පසුගිය 24 දා සිට ගෑස් සැපයීම නතර කෙරිණි.
ඒ අනුව අඛණ්ඩව දින හතරක් ගෑස් සැපයුම සිදුනොවුණි.

