පොලීසියේ යකා නැටු පොහොට්ටුවේ මන්ත්‍රීට වැඩ වරදී

පොලීසියේ යකා නැටු පොහොට්ටුවේ මන්ත්‍රීට වැඩ වරදී

අත්තනගල්ල ප්‍රාදේශීය සභා පොදු ජන පෙරමුණ මන්ත්‍රී චාමින්ද හෙට්ටිආරච්චි බීමතින් එම ප්‍රදේශයේ නිවසකට ගොස් එහි සිටි කාන්තාවට සහ නිවැසියන්ට පහරදීමට උත්සහ කර ඇති අතර නිසේ තිබූ භාණ්ඩවලටද අලාභ හානි සිදු කර තිබෙනවා.

ඒ සමබන්ධයෙන් අදාළ කාන්තාව අත්තනගල්ල පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පොලිසියටද පැමිණ පොලිස් ස්ථානාධිපතිවරයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබෙනවා.

බීමත්ව රිය පදවා පොලිස්ථානයට පැමිණ නොහොබිනා ආකාරයෙන් හැසිරුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (26) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

දර්ශන උපුටා ගැනීම :- Hiru News