සඳුදා වෙනකම් ගෑස් නෑ – පෝලිම්වල ඉන්න එපා

ලබන සදුදා වනතුරු නැවතත් ලිට්රෝ ගෑස් බෙදා හැරීමක් සිදුනොවන බව එම සමාගමේ සභාපති විජිත හේරත් පවසනවා.
ලිට්රෝ සමාගමේ සභාපති වරයා කියා සිටින්නේ ඇනවුම් කළ ගෑස් තොග රැගත් නෞකාව ප්රමාදවීම හේතුවෙන් අදාළ ප්රමාදය හටගෙන ඇති බවයි.
කෙසේ වෙතත් සෙනසුරාදා රාත්රියේ හෝ ඉරිදා අලුයම් කාලයේ දී අදාළ නෞකාව ශ්රී ලංකාව වෙත ළඟා වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එලෙස නෞකාව පැමිණීමෙන් පසු ගෑස් තොග ගොඩබෑම වහාම ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා ඇති බවත් එදින තුළදී සිලින්ඩර නැවතත් වෙළඳ පොළට නිකුත් නිකුත් කිරීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කරන්නේ.
එතෙක් ගෑස් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි ඔහු පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

