සිංහයන්ට විශිෂ්ට තරගාවලි ජයක්

සිංහයන්ට විශිෂ්ට තරගාවලි ජයක්

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැති දෙවන ටෙස්ට් තරඟය කඩුළු 10කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් විය.

මෙම තරගයේ පළමු ඉනිම සදහා බංග්ලාදේශ පිල ලකුණු 365ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා පිළ පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 506ක් රැස්කර ගැනීමට සමත් විය.

අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි බංග්ලාදේශ පිලට සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 169ක් පමණියි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 28ක පහසු ඉලක්කයක් හිමිවිය.

ශ්‍රී ලංකා පිල කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 29ක් රැස්කර ගනිමින් බංග්ලාදේශ සමඟ පැවැති දෙවන ටෙස්ට් තරඟය ජය ගැනීමට සමත් විය.

මෙම තරගයේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම දෙරට අතර පැවති ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේ ජයග්‍රහණයත් තරග 1ට 0ක් ලෙස ජයග්‍රහණය කළා.

මේ ජයග්‍රහණයත් සමග ටෙස්ට් තරග ලෝක ශූරතාවයේ වර්ගීකරණ ලැයිස්තුවේ තුන්වන ස්ථානය දක්වා ඉහළට එන්නට සමත් වුණා.

ඒ තරග 6කට සහභාගි වී තරග 3ක් ජය ගෙන තරග 2ක් පරාජය වී එක් තරගයක් ජය පරාජයකින් තොරව නිමා කර ගැනීමට හැකි වී තිබෙනවා.

තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා ලෙස බංග්ලාදේශ කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක ලිටන් දාස් තෝරා ගත් අතර දෙවැනි තරගයේ වීරයා ලෙස තෝරා ගැනුණේ අසිත ප්‍රනාන්දු යි.

තරගාවලියේ වීරයා සම්මානය, තරග දෙකේ දී ම ශතක වාර්තා කර ගත් ඇන්ජලෝ මැතිව්ස් සතු වුණා.