වසර දෙකක සිර දඬුවමක් නියම වූ ශෂී වීරවංශගෙන් අභියාචනයක්

වසර දෙකක සිර දඬුවමක් නියම වූ ශෂී වීරවංශගෙන් අභියාචනයක්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ එම තීන්දුවට එරෙහි අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඇයගේ නීතිඥවරුන් විසින් කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා අදාළ අභියාචනය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට භාර දුන් බවයි වාර්තා වෙන්නේ.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ශෂී වීරවංශට අද, වසර දෙකක සිර දඬුවම්ක් සහ රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කෙරුණා.

එම දඬුවමෙන් තමන් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි ශෂී වීරවංශ නීතිඥවරුන් මාර්ගයෙන් අදාළ අභියාචනය ඉදිරිපත් කර ඇත්තේ.