ජනාධිපති මන්දිරය අසල විරෝධතාවයට කඳුළු ගෑස් ප්රහාර

කොල්ලුපිටියේ සිට සවස 3ට පමණ ආරම්භ කළ විරෝධතා පා ගමනේ අරගලකරුවන් මේ වනවිට කොළඹ කොටුව පිහිටි ජනාධිපති මන්දිරය අසල විරෝධතාවයක් පවත් වනවා.
මේ වන විට එම ස්ථානයේ උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා, ඒ පොලීසිය විසින් ඉදිකර තිබෙන මාර්ග බාධක ඉවත් කිරීමට විරෝධතාකරුවන් උතසහ කිරීමේදී පොලීසිය විසින් කදුළු ගෑස් ප්රහාර එල්ල කරමින් සිටිනවා.
මෙම පිරිස මාර්ග බාධක ඉවත් කිරීමට උත්සහ කරන්නේ බොහෝ අරගල කරුවන්ගේ අකමැත්තෙන් වීම විශේෂත්වයක්.

