ප්‍රමාණවත් පොහොර සැපයීම සහතික කිරීමට ඇ.ඩො.මිලියන 600ක් අවශ්‍යයි

පොහොර ප්‍රමාණවත් ලෙස සැපයීම සහතික කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 600 ක අවශ්‍යතාවයක් ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කෘෂිකාර්මික අංශයේ නියෝජිතයන් හා අග්‍රාමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
පොහොර ගැටලුව මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟය සමඟ ඇතිවන අභියෝග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.
එසේම මෙහිදී කෘෂිකාර්මික ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහ බෙදා හැරීම සහතික කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත අත්‍යවශ්‍ය කෘෂිකාර්මික සැපයුම් පනත පිළිබඳවද සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

